සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සංගමය – රවී කුමුදේශ්

මාධ්‍ය වෙත අදහස් දක්වමින් රවී කුමුදේශ් මහතා පැවසුවේ රෝහල් මට්ටමින් මේ ප්‍රසම්පාදන ක්‍රියාවලියේදී ඉතා වැරදි ක්‍රියාවලියක් සිදුවන බවයි. අපිට තියෙන ප්‍රතිපාදන වලට අනුව නෙවෙයි බඩු ගන්නේ සෞඛ්‍ය අමාත්‍යංශය කියනව ප්‍රතිපාදන තියෙන්නෙ මිලියන දහයයි කියලා. රෝහල් අධ්‍යක්ෂකවරයා බඩු ගන්නව මිලියන 20ක එතකොට හැමදාම මිලියන 10ක් එකතු වෙනවා. මෙහිදී අධ්‍යක්ෂකගේ වගකීම තමයි ප්‍රතිපාදන මිලියන 20 දක්වා වැඩි කර ගන්න එක නැතිනම් තියෙන ප්‍රතිපාදන වලටම ඖෂධ ගන්න එක මේ දෙකම නොකරන විට මේ ණය කන්දරාව විසින් සමාගම් බංකොළොත් කරලා තියෙනවා. සමාගම් අපට සැපයුම් දෙන එක නතර කරලා තියෙනවා. දැන් ප්‍රධාන ගැටලුව වන්නේ සාමාන්‍ය මිලදී ගැනීම් කරන්න විදිහක් නැති වීමයි. මොකද ඒ සමාගම් වලට ගෙවන්න තියෙන ණය ගෙවලා නෑ. ඒ ණය හරියට ගණනය කරලත් නෑ. මෙයින් සිදුවන්නේ අපට නිතරම හදිසි මිලදී ගැනීම් වලට යෑමට සිදු වීමයි. මේ හේතුව නිසා අපට හතර පස් ගුණයක් වැඩිපුර මුදල් ගෙවීමට සිදුවනවා. .

සම්පූර්ණ වීඩියෝව පහලින් >>>>>>