අනිල් ජයන්ත.

අමෙරිකාව සහ ශ්‍රී ලංකාව අතර වෙළඳ පරතරය පියවා ගැනීමේදී, අමෙරිකාවෙන් ආනයනය කිරීමට හැකි දේවල් ඇත්නම්, ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කරන බව නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු පවසනවා.

ඒ අනුව, මේ වන විටත් ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කරමින් ඇති බවත්, නමුත් වෙනත් වෙළඳපොළකින් ගැනීමට හැකියාව තිබියදී වැඩි මිලට ගැනීමට ද කටයුතු නොකරන බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

අමෙරිකාව පෙර පනවා තිබූ 44%ක තීරුබද්ද මේ වන විට 30%ක මට්ටමකට අඩු කරගෙන ඇති බවත්, අගෝස්තු 01 වැනිදා සිට එහි නවතම තත්ත්වය බලා ගැනීමට හැකි වනු ඇති බවත්, ඒ සඳහා සාකච්ඡා තවදුරටත් ඉදිරියට සිදු කරගෙන යන බවයි නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.