ප්‍රසංග ප්‍රනාන්දු – සමස්ත ලංකා ධීවර ජනතා වෘත්තීය සංගමය ජාතික සංවිධායක

මාධ්‍ය වෙත අදහස් දක්වමින් සමස්ත ලංකා ධීවර ජනතා වෘත්තීය සංගමය ජාතික සංවිධායක ප්‍රසංග ප්‍රනාන්දු මහතා පවසා සිටියේ ධීවර පනත සංශෝධනය කිරීම සම්බන්ධයෙන් ධීවර සමිති කිහිපයක් කොල්ලුපිටිය රාමදා හෝටලය ඉදිරිපිට පැමිණ විරෝධතාවය පල කළේය. එය ධීවර අමාත්‍යාංශයේ පිරිසක් සහ ධීවර වෘත්තිය සමිති කිහිපයක් පනත සම්බන්ධයෙන් අවසන් සාකච්ඡා සිදුකරන බවට පවසමින්ය. ඔවුන් සදහන් කළේ කිසිසේත් මෙම පනත සම්මත කර ගැනීමට ඉඩ නොදෙන බවත්. ධීවර ජනතාව කිසිසේත්ම පනත සංශෝධනයක් ඉල්ලා නැති බවත්. ඔවුන්ට තිබෙන්නේ ධීවර බෝට්ටු ගැනීමේ ප්‍රශ්න එන්ජින් ගැනීමේ ප්‍රශ්න හා මාළු ටික විකුණා ගැනීමේ ප්‍රශ්න බවත් ඔවුන් පවසා සිටියේය. අද වන විට ධීවරයන්ට මාලු විකුන ගැනීමට බැරි තත්ත්වයක් උදා වෙලා තිබෙද්දීත් ධීවර අමාත්‍යාංශය එකතුවෙලා රටින් මාළු ගෙන්වීමට සැලසුම් හදනව බවත් මෙම ධීවර පනත ඉංග්‍රීසි භාෂාවෙන් තිබෙන බවත් ධීවරයන්ට ඉංග්‍රීසි භාෂාවෙන් ලියුම් එවන රටක් බවට පත්ව ඇති බවයි.

වීඩියෝව නැරඹීම සඳහා >>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>