එම්.ඩි.ආර්.අතුල – සභාපති විදුලි පාවිච්චි කරන්නන්ගේ සංගමය.

සාධාරණ ලාභය මත විදුලි බිල සකස් කළොත් ඉදිරියේදී ලක්ෂ ගණනක් විදුලිය විසන්ධි වෙයි. බලාපොරොත්තු නොවන මොහොතවල, විදුලිය විසන්ධි කර දමයි. මොකද රතු බිල් ක්‍රමය දැන් ක්‍රියාත්මක නොවන නිසා. එම ක්‍රමය භාවිතයේ තිබුනේ නම් ඉදිරි දින දාහතර ඇතුළත විදුලිය විසන්ධි කර බව දැන ඒ සදහා කටයතු කිරීමට තිබුණා. දැන් එහෙම ක්‍රමයක් නෑ.
විදුලිබල මණ්ඩලයට පහසු ආකාර දැන් සකසා ගෙන තිබෙනවා.

සියලුම විදුලි පාවිච්චි කරන්නන්ගෙන් ඉල්ලීමක් කරනවා තමන්ගේ නිවසේ විදුලිය විසන්ධි කරලා, පන්දමක් අරගෙන පාරට වෙලා උද්ඝෝෂණයක් කරන්න. කණ්ඩායම් ඕන්නෑ. තනි තනියෙන් මේකට විරෝධය ප්‍රකාශ කරන්න පුළුවන්. අපේ ප්‍රධානතම උද්ඝෝෂණය දිවුලපිටිය, මැල්ලවගෙදර නගරයේදී සිදකිරීමට බලාපොරොත්තු වෙනවා. මෙය නිහඬ උද්ඝෝෂණයක්.
ආණ්ඩුව කටයුතු කරන්නේ මහජනතාව වෙනුවෙන් නෙමෙයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මනදොල පුරන්නයි. අපි මේ ක්‍රියාවන්ට එරෙහිව කටයුතු කරන්න ඕනේ.