විදුලි ගාස්තු සංශෝධනය නොකිරීමට සහ පවතින විදුලි ගාස්තුවම ඉදිරියට පවත්වාගෙන යාමට මහජන උපයෝගීතා කොමිසම විසින් මාධ්‍ය හමුවේදී සඳහන් කර සිටියා.

ලංකා විදුලිබල මණ්ඩලය විසින් විදුලි ගාස්තුව 6.8% කින් ඉහළ නැංවීමට යෝජනා කර තිබු අතර ඉදිරි මාස තුන සඳහා දැනට පවතින විදුලි ගාස්තුවම බල පවත්වන බවයි සඳහන් වන්නේ.