වැලිගම ප්‍රාදේශීය සභාවේ බලය තහවුරු කිරීමට සමගි ජන බලවේගය අද (24) සමත් වුණා.
ඒ අනුව, වැලිගම ප්‍රාදේශිය සභාවේ නව සභාපතිවරයා ලෙස ලසන්ත වික්‍රමසේකර තේරීපත්ව ඇති බවයි සඳහන් වෙන්නේ.
වැලිගම ප්‍රාදේශීය සභාව පසුගිය කාලයේදී මහත් ආන්දෝළනයකට තුඩුදුන් අතර, එම ප්‍රාදේශීය සභාවට තේරීපත්වූ ජාතික ජන බලවේගයේ සභිකයින් දෙදෙනෙක් පැහැර ගැනීම සහ එම පක්ෂයේ සභිකයෙක්ගේ නිවසකට වෙඩි තැබීමේ සිද්ධියක්ද වාර්තා වී තිබුණා.
