කේ.කේ. සමන්ත කුමාර – සෞඛ්‍ය සේවා රැකීම් සංගමය

මාධ්‍ය වෙත අදහස් දක්වමින් සෞඛ්‍ය සේවා රැකීම් සංගමයේ කේ.කේ. සමන්ත කුමාර මහතා පවසා සිටියේ අද දින එක්දින වැඩවර්ජනයක් ආරම්භ කර බවත්. උදෑසන රෝගීන්හට සත්කාර සිදුකරමින් දිවා ආහාරය රාත්‍රි ආහාරය සහ හෙට උදෑසන ආහාරය සකස් කිරීමෙන් ඉවත් වී සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති ආරම්භ කර වැඩ වර්ජනයට සහය දීමට රෝහල් වල වැඩ කරන සියලුම සේවකයන් ක්ෂණික නිවාඩු ගෙන ඇති බවත්. වෛද්‍යවරුන්ට ලබාදෙන 35000 දීමනා අනිත් සෞඛ්‍ය සේවාවේ සිටින නිලධාරී සියලු දෙනාටත් ලබා දෙන ලෙසත් ඒ සඳහා සෞඛ්‍ය අමාත්‍යවරයා ඇතුළු සෞඛ්‍ය අමාත්‍යාංශයේ සියලුම නිලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවත්. ඒ සඳහා නිසි පිළිතුරක් ලබා නොදෙන්නේ නම් සියලු දෙනා සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති එකමුතුව ලෙස මීට වඩා දැවැන්ත ක්‍රියාමාර්ගය ගන්නා බවයි.

වීඩියෝව නැරඹීම සඳහා >>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>