මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ.
වාහන ආනයනය සීමා කිරීමට මහ බැංකුව කිසිදු තීරණයක් ගෙන නොමැති බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසනවා.
විවෘත කළ වෙළෙඳපොළ දිගටම ඒ අයුරින් පවතිනු ඇති බවත්, රජයේ පාර්ශ්වයෙන්ද වාහන ආනයනය සීමා කිරීමට අදහසක් නොමැති බවයි අද මහ බැංකුවේ පැවති මුදල් ප්‍රතිපත්ති විවරණය දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් මහ බැංකු අධිපතිවරයා සඳහන් කළේ.
වාහන ආනයනයේ වෙනසක් සිදු කිරීමට බලාපොරොත්තු නොවන බවට අමාත්‍යවරයා ද ප්‍රකාශ කර ඇති බවයි මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ වැඩිදුරටත් සඳහන් කර සිටියේ.
