වරෙන්තු නිකුත් කර තිබුණු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රා‍ජපක්ෂ අද (29) දහවල් දිවයිනට පැමිණ ති‍බෙනවා.

ඒ අනුව, මෙරටට පැමිණි ඔහු ගුවන් තොටුපලෙන් පිටව ගොස් ඇති බවයි සඳහන් වෙන්නේ.

හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩුවකට පෙනී නොසිටීම හේතුවෙන් ඔහු අත්අඩංගුවට ගන්නා ලෙස ඊයේ (28) අධික‍රණයෙන් වරෙන්තු නිකුත් කර තිබුණා.