2025 වර්ෂයට අදාළව වත්කම් සහ බැරකම් ප්රකාශ ලබා නොදෙන නිලධාරීන්ට එරෙහිව නඩු පැවරීමට කටයුතු කරන බව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව සඳහන් කරයි.
2025 මාර්තු 31 වනදාට මෙම ප්රකාශ ලබාදිය යුතු අතර, අවසාන දිනය 2025 ජුනි 30 ලෙස නියම කර ඇත. ජුනි 30 න් පසුව, අගෝස්තු 31 දක්වා භාරදෙන ප්රමාද වූ ප්රකාශ සඳහා නීතියට අනුව දඩ අය කිරීම සිදු කෙරේ.
තවද, වත්කම් සහ බැරකම් ප්රකාශ ආයතන ප්රධානීන් වෙත භාරදිය යුතු අතර, ඔවුන් එය භාරගැනීම ප්රතික්ෂේප කළහොත් ඒ බව කොමිසමට වාර්තා කළ යුතුය. නිලධාරීන්ට පරිපාලන දඩ අවම කර ගැනීම සඳහා හැකි ඉක්මනින් ප්රකාශ භාරදීමටද අවධානය යොමු කරන ලෙසත්, කොමිසම උපදෙස් දී ඇත.
