ලහිරු මධුශංකගේ විශිෂ්ට පන්දු යැවීම සහ ශෙවෝන් ඩැනියෙල්ගේ වේගවත් ඉනිම හමුවේ CDB කණ්ඩායම කොළඹ ඒසස් කණ්ඩායමට එරෙහිව කඩුලු හයක ජයක් වාර්තා කළේය.

නොවැම්බර් 5 වැනිදා පැවැති 33 වැනි සිංගර්–වෙළෙඳ සේවා සුපර් ප්‍රිමියර් විස්සයි විස්ස තරගාවලියේ මෙම තරගයේදී මධුශංක ලකුණු 17කට කඩුලු හයක් දවාගත්තේය.

කොළඹ ඒසස් ඉනිම පන්දුවාර 19.4කදී ලකුණු 128කට සීමා විය. පිළිතුරු ඉනිමේදී ශෙවෝන් ඩැනියෙල් පන්දු 46කින් ලකුණු 70ක් රැස් කළ අතර ඊට හයේ පහර හතක් ඇතුළත් විය.

CDB කණ්ඩායම පන්දුවාර 14.1කදී කඩුලු හතරකට ලකුණු 129ක් ලබා ජයග්‍රහණය තහවුරු කළේය.