හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අපේක්ෂිත ඇපයක් සඳහා අයදුම්පතක් ඉදිරිපත් කර ඇත.
ඔහුගේ ඉල්ලීම අනුව, අල්ලස් කොමිසම විසින් තමන්ව අත්අඩංගුවට ගැනීමට පෙර ඇප මත නිදහස් කිරීමට අධිකරණයගෙන් ඉල්ලා තිබේ.
මෙම පෙත්සම සලකා බැලීමෙන් අනතුරුව, අල්ලස් කොමිසම ලබන ජූලි 18 වැනිදා අධිකරණය හමුවේ කරුණු දැක්විය යුතු බවට නියෝගයක් නිකුත් කර ඇත.
