හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට බරපතළ ලෙස පැවති විජලන තත්ත්වය මේ වන විට ලබාදෙන ප්‍රතිකාර සමඟ පහව යමින් තිබෙන බවත්, තව දින දෙකක් පමණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබිය යුතු බවත් කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ, වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේය.

ඔහුගේ හෘද වස්තුවේ කිරීටක ධමනි හතරෙන් තුනක් අවහිර බවට ඊයේ වාර්තාවෙන් ප්‍රසිද්ධ වූ බවත්, ඔහුට වැඩිදුර ප්‍රතිකාර සහ සැත්කමක් කිරීමට සිදුවන බවත්, එය වඩා ඉක්මනින් සිදු කළ යුතු බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.