ජනාධිපති අනුර කුමාර දිසානායක.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසන්නේ, රටක් ඉදිරියට ගෙන යා හැක්කේ ඓතිහාසික උරුමයන් සමඟ පවතින අඛණ්ඩතාව මත වන අතර, සංවර්ධන මාවතද ඒ මත පා තබා තෝරාගත යුතු බවයි.

ඔහු මේ අදහස් පළ කළේ ඊයේ (10) කතරගම පුදබිමේදී පැවති උත්සව සභාවක් අමතමින්ය.