“රටම එකට” ජාතික මෙහෙයුම යටතේ, පොලිසිය විසින් ඊයේ (18) දිනයේදී මත්ද්‍රව්‍ය වැටලීම් 867 ක් සිදු කර තිබෙනවා.
එම වැටලීම්වලදී සැකකරුවන් 865 ක් අත්අඩංගුවටද 30 දෙනෙක් පුනරුත්ථාපනයට යොමු කළ බව පොලීසිය ප්‍රකාශ කර සිටියා.
හෙරොයින් මත්ද්‍රව්‍ය සොයා සිදු කළ වැටලීම් 313 කින් හෙරොයින් කිලෝග්‍රෑම් 20 යි ග්‍රෑම් 616 ක් ද, අයිස් මත්ද්‍රව්‍ය සොයා සිදු කළ වැටලීම් 323 ක් අතරින් අයිස් කිලෝග්‍රෑම් 44 යි ග්‍රෑම් 508 ක් සොයාගෙන ඇත.
මීට අමතරව, වැටලීම් 181 කින් ගංජා කිලෝග්‍රෑම් 06 යි ග්‍රෑම් 914 ක් හා ගංජා පැළ 28,225 ක්ද සොයාගෙන ඇත.






