පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම්

ලංකාවේ මැතිවරණ වේදිකා සකස් වෙනකොට, විටින් විට ඡන්ද එන කොට ගොඩක් දුරට මැතිවරණ වේදිකා හරියට සකස් වෙන්නේ සිනමා ශාලාවක තිරයක් වගේ. මොකද රඟපෑම් ගොඩක් සිදුවෙනවා. සමහරවිට මැතිවරණ වේදිකාව වෙන්දේසියක් බවට පත්වෙනවා. මේ පාර ඒක වෙනස් විය යුතුයි. මොකද අපේ රට බංකොලොත් වෙලා තියෙන්නේ. රට බංකොලොත් වෙච්ච කාරණාවල් පිළිබඳව තාමත් රටේ හරියාකාරව සාක්ෂි සහිතව මේවා කොහොමද සිදුවුණේ, මේවා වලින් කොහොමද ගොඩ යන්නේ කියන කාරණා පිලිබදව සංවාදයක් යෙදිලා නෑ.

අපි දකිනවා මේ දේශපාලන වේදිකාවල්වල, දේශපාලන කඳවුරුවල විතරක් නෙවෙයි වෘත්තිකයන්, බුද්ධිමතුන් හරියට කරුණු නොදැනුවත්ව, ආර්ථිකය පිළිබඳව විශ්ලේෂණයක් දන්නේ නැති අයත් එක් එක් නිගමන වලට යනවා. මේක නොවිය යුතුයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මාධ්‍ය හමුවේ දී දැක්වූ අදහස්.!

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>