සරත් ෆොන්සේකා

අපි මිනිස්සුන්ට අරක්කු දීලා, පගා ගහලා දේශපාලනය කරන්නේ නැහැ. මම මහා මාර්ග ඇමති වෙලා ඉඳගෙන අධිවේග මාර්ග වලින් පගා ගහලා නෑ. කොළඹ ඉන්න කැසිනෝ කාරයන්ගෙන් ජාවාරම්කාරයන්ගෙන් සල්ලි අරගෙන පාසල් වලටයි, ඉස්පිරිතාල වලටයි බඩු බෙද බෙද යන්නේ නැහැ. දැන් මගේ ආසනයේ දිස්ත්‍රික් සංවිධායක කියලා කොහෙන්ද ගෙනාපු එකෙක් ඔක්කොටම අරක්කු බෙදනවා. මගේ ආසනේ දේශපාලනය කරපු අවුරුදු හතට කාටවත් අරක්කු වීදුරුවක් දුන්නෙත් නැහැ. මේක තමයි දේශපාලනයේ තියෙන දූෂිත තත්ත්වය.

දේශපාලන පක්ෂවල ඉන්නවා ප්‍රබලයෝ කියලා කට්ටියක්. එතනින් මිනිස්සු භාගයක් දූෂිතයි. එතකොට පක්ෂ නායකයෝ ජනාධිපතිවරණ වලට ගියාම රටේ ජනතාවට විකල්පයක් නැහැ. එතකොට ආපහු මේ රට පාලනය කරන්නේ මෙලෝ රහක් නැති, දැක්මක් නැති මිනිස්සු. ඒ නිසා මේ රටට ඕනේ බුද්ධිමත්, දැක්මක් තියෙන, අරෙහෙ මෙහෙ ගිහිල්ලා අරවා මේවා බෙදලා ඉවරවෙලා කයිවාරු ගහන්නේ නැති නායකයෙක්.

සරත් ෆොන්සේකා පාර්ලිමේන්තු සැසිවාරයේදී දැක්වූ අදහස්

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>