මේ දිනවල රට පුරා කතා බහට ලක්වන අකුරගොඩ යුධ හමුදා මුලස්ථානය අසල වෙඩි තැබීම…

විවිධ කථි කතාන්දර හමුවේ බොහෝ දෙනෙකු මෙය හුදෙක් පාතාල ගැටුමක් ලෙස දකින නමුත් තතු දත් විවිධ ආරංචි මාර්ග නම් පවසනුයේ මෙය එක්තරා පාතාල ගැටුමක් පමණක් නොවන වගය.

අතුරුගිරිය ප්‍රදේශයේ ජීවත් වූ නීතිඥ බුද්ධික මල්ලවආරච්චි….

අරගලය අවස්ථාවේදී අනුර කුමාර දිසානායක හට බොහෝ උදව් උපකාර කළ නීතිඥ සංගමයේ ප්‍රබලයෙක් වූ මොහු මාලිමාවේ කැම්පේන් එකට බොහෝ සෙයින් බැස යටින් වැඩ කළ බව මාලිමාවේ අයට නම් නොරහසකි.

නීතිඥ බුද්ධික තමන්ගේ සේවාදායකයන්ගේ සල්ලි අඩු පාඩු වුවත් එ‍යද තැකීමක් නොකර නඩු කථා කරනුයේ ” පස්සේ දෙන්න, තියන වෙලාවක ගමු ” කියමිනි. එමගින්ම ඔහු කුමන ආකාරයේ පුද්ගලයෙකුද යන්න කිව හැකිය.

ඉතිං කරන්දෙණියේ සුද්දා සහ පොඩි පැටිගේ කෝන්තරේකට ‘බුද්ධික ඝාතනය’ සිදු කළ බවයි දැනට ප්‍රචාරය…
කඩුවෙල සමයන් ගේ පාර්ශවයේ නඩු කටයුතු කරන්නේද නීතිඥ බුද්ධික වන අතර කඩුවෙල සමයන්ගේ පාර්ශවයේ විරුද්ධවාදියා වෙන මදුෂ්ගේ, කන්ජිපානිගේ පාර්ශවයේ නඩු කටයුතු බලන ලද්දේද නීතිඥ බුද්ධිකය.

සැබවින්ම මෙහිදී සිදුවූයේ කුමක්ද? ප්‍රචාරයන්ගෙන් එහා ගිය වෙනත්ම කතාවකි එය.

නඩු වල ඒකාධිකාරියක් ගැනීමට අසාවෙන් සිටි බුද්ධිකගේ සමීපතමයන් දෙන්නනෙක් වෙන රංග සහ දිල්ශාන්, කරන්දෙණියේ සුද්දට කේලම් කියමින් කරන්දෙණියේ සුද්දටම ගේමක් දීමට සෑදූ මාස්ටර් ප්ලන් එකක් ක්‍රියාත්මක වූයේ මේ ආකාරයටය.

මෙයට හේතුව වනුයේ සුද්දා තවත් මාස කිහිපයකින් ඉතාලි බලා යාමට සුදානමින් සිටීමයි.
මන්ද කරන්දෙණියේ සුද්දා ඉතාලි පැන්නොතින් නම් නැවත ඇල්ලීම මේ කපේට සිදු කළ නොහැක්කක් වග කරන්දෙණියේ සුද්දාගේ විරුද්ද පාර්ශවය හොදින්ම දන්නා කරුණක්ය…

රංග සහ දිල්ෂාන් සුද්දා ළඟින්ම හිදිමින් සුපිරි ගේමක් මේ විදිහට දුන්නේ ඒ නිසයි.

ඒ අනුව අද මේවන විට ලංකාවේ මුළු මහත් නීතිඥයන් සියල්ලම බුද්ධික වෙනුවෙන් පෙනී සිටින අතර කරන්දෙණියේ සුද්දා වහාම ලංකාවට ගෙන එන ලෙස අවුරුදු 15කට පසුව නීතිඥ සංගමයම එක්ව එක් තැනකට විත් රජයට බලපෑම් කරයි.