ආපදාවෙන් විපතට පත් ජනතාව වෙනුවෙන් බංග්ලාදේශයේ සහනාධාර රැගත් එරට ගුවන් හමුදාවේ C-130 ගුවන් යානය අද (03) ප.ව 1.00ට පමණ මෙරටට ළගාවී තිබෙනවා.

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ශක්තිමත් මිත්‍රත්වය තහවුරු කරමින්, ශ්‍රී ලංකාවේ බංග්ලාදේශ මහ කොමසාරිස් අන්දලිබ් එලියාස් විසින් මෙම ආධාර තොගය නිල වශයෙන් භාර දුන් අතර, ආරක්ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම් මයුරි පෙරේරා ඇතුළු කණ්ඩායම විසින් එය භාරගෙන ඇත.

මදුරු දැල් 1,000 ක්, ආහාර පැකට් 500 ක්, කූඩාරම් 10 ක් සහ විදුලි පන්දම්, බූට්ස් සපත්තු, කබා, අත්වැසුම්, හිස්වැසුම් මෙන්ම අත්‍යවශ්‍ය ඖෂධ පෙට්ටි 125 ක් මෙම භාණ්ඩ තොගයට ඇතුළත් වේ.