මදුෂාන් චන්ද්‍රජිත් – අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලය

මාධ්‍ය වෙත අදහස් දක්වමින් අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලයේ මදුෂාන් චන්ද්‍රජිත් මහතා පවසා සිටියේ “ප්‍රතිපාදන කැපේ සරසවි වැසේ සහ කන්න බොන්න නෑ ජනතාව හාමතේ දඩබදු හකුලා ගනිමු.” කියන සටන් පාඨය මූලික කරගනිමින් අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලය ලෙස මේ වනවිට රටේ ඇති වී තිබෙන අර්බුදකාරී එසේම ජනතාවට ජිවත් වෙන්න විදිහක් නැති කර තිබෙන ආර්ථිකයට එරෙහිව සහ රනිල් වික්‍රමසිංහලාගේ ආණ්ඩුවට විරුද්ධව මෙසේ විරෝධතාවක් ආරම්භ කර බවත් ඉල්ලීම් ලෙස විශ්ව විද්‍යාල පද්ධතියට වෙන්කරන ප්‍රතිපාදන වැඩිකරන ලෙසත් ශිෂ්‍යයන්ට හොස්ටල් නොමැති නිසාවෙන් එයට විසඳුමක් දෙන ලෙසත් මහ පොළ ශිෂ්‍යාධාර වාරිකය රු.10000කින් වැඩි කරන ලෙසත් ජනතාවට පනවන බදු ප්‍රමාණය අඩුකළ සහන දෙන ලෙස මෙම සටන් පාඨ සමඟ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය ලෙස විරෝධතා ක්‍රියාමාර්ගය සංවිධානය කළ පසු රජය විසින් අමානුෂි ලෙස පහර දුන් බවත් ශිෂ්‍යයන් විශාල ප්‍රමාණයක් රෝහල්වලට ඇතුලත් කළ බවත් එම නිසා මෙයට විරුද්ධව අද දින අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලය මානව හිමිකම් කොමසම් සභාවට පැමිණ පැමිණිල්ලක් ඉදිරිපත් කර බවයි.

වීඩියෝව නැරඹීම සඳහා >>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>