සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ අභිනව අනුනායක ධුරයට පත් වූ පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමියන් හට සන්නස් පත්‍රය පිළිගැන්වීම ජනාධිපති අනුර කුමාර දිසානායක අතින් සිදු කෙරුණා.
මහනුවර ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රයේ පිහිටි ඓතිහාසික මඟුල් මඩුවේදී මෙම පිළිගැන්වීම සිදුව ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.





