පාර්ලිමේන්තුව අද (09) දිනයේදීත් පෙරවරු 9.30 ට කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්වී තිබෙනවා.
ඒ අනුව, අද පෙ.ව. 9.30 – පෙ.ව. 10.00 කාලය ස්ථාවර නියෝග 22 හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර ඇති අතර පෙ.ව. 10.00 – 11.00 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා ද, පෙ.ව. 11.00 -11.30 කාලය ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න සඳහා වෙන් කර ඇත.
ඉන් අනතුරුව පෙ.ව. 11.30 සිට ප.ව. 3.00 දක්වා (129 අධිකාරිය වූ) සාප්පු හා කාර්යාලයීය සේවකයන් පිළිබඳ (සේවය හා වේතන විධිමත් කිරීම) පනත යටතේ නියෝගය විවාදයට ගැනීමට තීරණය වී ඇති අතර ප.ව. 3.00 සිට ප.ව. 5.00 දක්වා ආනයන හා අපනයන (පාලන) පනත යටතේ අංක 2465/07 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද රෙගුලාසි විවාදයට ගැනීමටද නියමිතව ඇත.





