පසුගිය රජය සමයේ ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීම තුළින් රාජ්‍ය මුදල් සාවද්‍ය ලෙස භාවිතා කළ බවට චෝදනා එල්ල වී සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන්ට අද (16) කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල ඉදිරියේ අධිචෝදනා භාර දුන්හ.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම මහතා අධිකරණය හමුවේ ප්‍රකාශ කළේ, විත්තිකරුවන් ඇප මත මුදා හැරීමට නීතිපතිවරයා විරුද්ධ බවයි.

මේ වනවිට, ඇප ඉල්ලීම සම්බන්ධයෙන් විත්ති පාර්ශ්වයේ නීතිඥවරු තවදුරටත් කරුණු ඉදිරිපත් කරමින් සිටින බව සඳහන් වේ.