නව පොලිස්පතිවරයා ලෙස පත්වූ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා අද (14) උදෑසන සිය ධුරයේ වැඩ භාරගනු ලැබීය.

වැඩ තහනම් කළ හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීමත් සමඟ, 2024 සැප්තැම්බර් 26 වැනිදා සිට වැඩබලන පොලිස්පති ලෙස ප්‍රියන්ත වීරසූරිය පත් කරනු ලැබුවා.