අගමැතිනි හරිනි අමරසූරිය.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්පූර්ණයෙන් සකස් කර අවසන් නැති බවත්, සංවාද, අදහස්, යෝජනා සමගින් භාවිතයේ ඇති ගැටළු හඳුනා ගනිමින්, පියවරෙන් පියවර නම්‍යශීලීව සිදු කරන ක්‍රියාවලියක් බවත් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා.
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය සම්බන්ධයෙන් පළාත් අධ්‍යාපන බලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනට අනුව, වයඹ පළාත් අධ්‍යාපන බලධාරීන් දැනුවත් කිරීම වෙනුවෙන් ඊයේ (29) කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති වැඩසටහනක් අමතමින් අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළා.
පැරණි ඉගෙනුම් – ඉගැන්වීම් ක්‍රමයට අනුව නව ප්‍රතිසංස්කරණය තුළ ඉගැන්වීමට අවශ්‍ය නොමැති බවද, දරුවන් ස්වයංව අධ්‍යයනය කර, ගවේෂණය කර දැනුම ලබාගන්නා අතර, ගුරුවරු සිදු කරන්නේ ඒ සඳහා අවශ්‍ය පහසුකම් සපයන්නෙකු ලෙස නිසි මග පෙන්වීම සිදු කිරීම පමණක් බවද අගමැතිවරිය සඳහන් කළා.
සහකම්පනයෙන් යුතුව, තම පවුලට, සමාජයට, ආර්ථිකයට ධනාත්මක සහයෝගයක් ලබාදෙන, වගකීමක් ඇති පුරවැසියෙක් පාසල් අධ්‍යාපනයෙන් බිහි කිරීම අරමුණ බවයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.
