හර්ෂ ද සිල්වා.
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා පවසන්නේ, අමෙරිකාව විසින් පැනවූ තීරුබදු සම්බන්ධයෙන් තාක්ෂණිකව කතා කිරීමෙන් පමණක් නොසිට, ඔවුන් සමඟ ‘ඩීල් එකකට’ යා යුතු බවයි. අමෙරිකාවෙන් ඉන්ධන ලබා ගත හැකි නම්, ඊට උදව් කිරීමට විපක්ෂයද සූදානම් බව ඔහු සඳහන් කළා.
තීරු බද්ද 44% සිට 30% ට අඩු කිරීම හොඳ වුවත්, එයින් පමණක් ‘ගොඩ ඒමට’ නොහැකි බවත්, කලාපීය වශයෙන් තරගකාරී වීමට ශ්‍රී ලංකාවද ඉන්දුනීසියාව (19%), වියට්නාමය (20%), සහ ඉන්දියාව (15%) වැනි රටවල මට්ටමේ සිටිය යුතු බවත් ඔහු වැඩිදුරටත් අවධාරණය කළා.
