හර්ෂ ද සිල්වා.
අමෙරිකාව විසින් ශ්රී ලංකාවට පනවා තිබූ තීරු බද්ද 20%ක් දක්වා අඩු කිරීමක් ජයග්රහණයක් ලෙස සැලකෙන බවත්, ඒ ගැන හදවතින්ම සතුටු වන බවත් පාර්ලිමේන්තු මන්ත්රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි.
කලාපීය අපනයන තරඟකාරීත්වය පවත්වාගෙන යෑමට මෙය උපකාරී වනු ඇති බවත්, මේ සඳහා කැපවූ සියලුදෙනාටත් සහනය ලබාදුන් අමෙරිකාවටත් ස්තුතිය පළ කරන බවත් ඔහු සඳහන් කරයි.
ශ්රී ලංකාව ලෝක වෙළඳය සමඟ එක් කරමින් තවත් ජයග්රහණ රැසක් ලබාගත හැකි බවද ඔහු විශ්වාස කරයි.
