සේවකයන්ගේ ජාතික අවම වේතන පනත සංශෝධනය කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ අනුව ජාතික අවම වැටුප රුපියල් 5000කින් වැඩි කිරීම සඳහා කම්කරු හා විදේශ රැකියා අමාත්‍යවරයා විසින් ගෙන ආ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමි වී ඇති අතර මේ වනවිට පවතින ජාතික අවම වැටුප රුපියල් 12,500 සිට රුපියල් 17,500 දක්වා ඉහළ යනු ඇත.

තවද ජාතික අවම දෛනික වැටුප රුපියල් 500 සිට රුපියල් 700 දක්වා රුපියල් 200කින් වැඩි කිරීමටද මෙම සංශෝධන මගින් පියවර ගෙන තිබෙනවා.