පා.ම.රංජිත් බණ්ඩාරශ්‍රී ලංකා පොදුජන පෙරමුණ

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මාධ්‍ය හමුවේ දී අදහස් දක්වමින් පා.ම.රංජිත් බණ්ඩාර මහතා පැවසුවේ සනත් නිශාන්ත මහතාව ජීවත්ව සිටියදීම සමාජ මාධ්‍ය හරහා ඝාතනය කළ බවයි. පුද්ගලයෙකුගේ පිට ස්වරූපය දෙස බලා මනිනවාට වඩා ඇතුලාන්තයෙන්ම ඔහුව තේරුම ගත යුතු බවත් සනත් නිශාන්ත යනු එවැනි පුද්ගලයෙකු බවත් පවසා සිටියේය.එමෙන්ම පාර්ලිමේන්තුවට අවශ්‍ය වන්නේ ආචාර්යය උපාධි තිබෙන අය පමණක් නොව මහජන මතය වෙනුවෙන් පෙනි සිටින පුද්ගලයන් බවත් වැඩිදුරටත් එතුමා පවසා සිටියේය. එමෙන්ම ජනමාධ්‍යයට එහා ගිය මාධ්‍ය සංස්කෘතියක් පවතින බවත් මාධ්‍ය නිසි ලෙස ක්‍රියා කළොත් රට ගොඩ නැගිය හැකි බවත් එතුමා පවසා සිටියේය.

වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>>>>>