ඔස්ට්‍රේලියානු ජාතික ව්‍යාපාරිකයකුට අයත් රුපියල් මිලියන 20ක වටිනාකමකින් යුත් සමාගම් කොටස් ව්‍යාජ ඇටෝනි බලපත්‍රයක් භාවිතයෙන් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යන චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය උදය ගම්මන්පිලට එරෙහිව ගොනුකර තිබෙන නඩුවක්, කොළඹ මහාධිකරණය විසින් නොවැම්බර් 21 වනදාට යළි කැඳවීමට නියම කර තිබේ.

මෙම නඩුව අද දිනයේදී කොළඹ මහාධිකරණ විනිසුරු ආර්.එස්.එස්. සපුවිද මහතා ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී නඩුව විභාග කිරීම සඳහා නොවැම්බර් මස 21 වැනිදා යළි කැඳවන ලෙසයි විනිසුරුවරයා නියම කර සිටියේ ය.