බාල බෙහෙත් ජාවාරම සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයේ රඳවා සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා තමා ඕනෑම කොන්දේසියක් යටතේ ඇප මත මුදා හරින ලෙස ඉල්ලා කොළඹ මහාධිකරණයට ඇප අයදුම්පතක් ගොනුකර තිබෙනවා.

කෙහෙළිය රඹුක්වැල්ල මහතා එම ඇප ආයදුම්පත තුළින් කියා සිටින්නේ, පොදු දේපළ පනත යටතේ රක්ෂිත බන්ධනාගාර ගත සිටින තමන්ගේ ඇප ඉල්ලීම් ප්‍රතික්ෂේප කිරීමට මහෙස්ත්‍රාත්වරිය දුන් තීන්දුව නීතියට පටහැනි බවයි.

එම ඇප අයදුම්පත ලබන සඳුදා දින සළකා බැලීමට නියමිත බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.