ලහිරු වීරසේකර – Youth For Change

මැතිවරණය අවසන් වෙලා වැඩි කාලයක් යන්න කලින් ඉන්දියාවේ විදේශ ඇමති එනවා ලංකාවේ සංචාරයකට. ඉන්දියාවේ අලුතින් පත්වෙච්ච අගමැති, හිටපු අගමැතිත් මෝදි එන්න යනවා ලංකාවට.

ඉතින් දැන් මේ පඹයයි, රූකඩ ඔක්කොම ටික නටන්නේ කාගේ අණසකටද කියලා අපිට බොහොම පැහැදිලියි නේද? ඒ නිසා තමයි ත්‍රිකුණාමලයේ ආර්ථික සංවර්ධන කලාප හදන්න, මන්නාරමේ සුළං විදුලි බලාගාර අදානිට දෙන්න. ටෙලිකොම් එකේ වැඩි කොටස් ප්‍රමාණය අම්බානිට දෙන්න. ඒ වගේම තමයි එතනින් එහාට ගිහිල්ලා වරායන් සංවර්ධනය කරන එක, ගුවන්තොටුපලවල් සංවර්ධනය කරන එක, මේ සියල්ල ඉන්දියාවට දෙන සැලැස්මක් තියෙද්දී තමයි මේගොල්ලෝ එන එකට විරෝධය පළ කරන්නේ.

දැන් මේගොල්ලන්ට විරෝධය පළ කරන්න, අපේ රටේ විපක්ෂයක් කියලා එකක් නෑ. පාර්ලිමේන්තුවේ අණපනත් සම්මත වෙද්දී, විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවට ඇවිල්ලා නෑ.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>