දිට්වා සුළි කුණාටුවෙන් පූර්ණ ලෙස හානි වූ නිවාස වෙනුවෙන්, නව නිවාස ඉදි කිරීමේ සහ වන්දි ලබාදීමේ සමාරම්භක වැඩසටහන අද (09) ආරම්භ වේ.

ඒ අනුව, ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලින් මෙම වැඩසටහන ආරම්භ කරන බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කර සිටියා.

ආපදා හේතුවෙන් පූර්ණ හානි වූ නිවාස සංඛ්‍යාව 6,500 ක් වන අතර, අර්ධ හානි වූ නිවාස සංඛ්‍යාව 113,000 ක් බව ආරක්ෂක අමාත්‍යාංශයේ ආපදා කළමනාකරණ අංශය පවසනවා.

පූර්ණ හානි වූ නිවසක් සඳහා මේ යටතේ රුපියල් ලක්ෂ 50 ක් ලබාදීමට නියමිතය.