අනෝජ් ද සිල්වා – ජනාධිපති අපේක්ෂක

රටේ පවතින ප්‍රශ්නවලට ප්‍රයෝගික විසදුම් අපි දුන්නට, අපි දරන ප්‍රයත්නය දේශපාලනික මුහුණුවරකින් නොආවොත් නෛතික පසුබිමෙන් රටේ තියෙන ප්‍රශ්න විසදන්න කිසිම ක්‍රමයක් නෑ. ආර්ථික වශයෙන් ඒක පුද්ගල ණය බර ලක්ෂ දහයකට ආසන්නයි. දේශපාලඥයෝ එකට කිසිම විසදුමක් ගන්නේ නෑ. අපේ රටේ ආර්ථිකය, කෘෂිකර්මාන්තය, වෛද්‍ය ක්ශේස්ත්‍රය, තාක්ෂණය, අධ්‍යාපනය, සංස්කෘතිය, සදාචාරය, පැවැත්ම, භාෂාව යන සියලු දේම නැති වෙලා යනකල් මිනිස්සු නිහඩව බලාගෙන ඉන්නවා දෙසීය විසිපහම බලාගෙන ඉන්නවා.

සජිත් ප්‍රේමදාස, ජනතා විමුක්ති පෙරමුණ කියනවා මේ රට හදන්න ඕනේ, ගමේ ප්‍රශ්න විසදන්න ඕනනේ, රට සංවර්දනය කරන්න ඕනනේ කියල. හැබැයි ඒ අය මැති ඇමතිකම් දරපු ආණ්ඩු පහු කරගෙනයි මේ ඇවිල්ල තියෙන්නේ. එතකොට මෙයාලා රටේ ආර්ථික අස්ථාවරභාවයට සෘජුව දායක වුණා. අපි රටට එන ජාතික ප්‍රශ්න, ජ්‍යාතන්තර ප්‍රශ්න, සෘජු හා වක්‍ර ප්‍රශ්නවලට විසදුම් දෙන්න වැඩ පිළිවෙලවල් සකස් කරලයි තියෙන්නේ.

ජනාධිපති අපේක්ෂක අනෝජ් ද සිල්වා දැක්වූ අදහස්.!

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>