නාමල් රාජපක්ෂ

අපි වැඩ කරලා තියෙනවා. කොළඹ ගත්තත්, බොරැල්ල ආසනය ගත්තත්, එදා මහින්ද රාජපක්ෂ ආණ්ඩුවෙන් තමයි මේ රටේ නාගරික සමාජය ජීවත් වෙච්ච නිවාස නොමැති අපේ ආදරණීය දෙමව්පියන්ට, දරුවන්ට නිවාස ලබාදීමේ වැඩපිළිවෙල සාර්ථකව ක්‍රියාත්මක කරේ. එදත්, සමාජයට වැරදි මතයක් දෙන්න උත්සාහ කළා. සමහරු කිව්වා මේ ඉඩම් විකුණගන්න ඕන හින්දා ගෙවල් හදලා දෙනවා. තවත් සමහරු කිව්වා කොමිසන් ගන්න ඕන හින්දා ගෙවල් හදනවා කියලා. පිටින් යන පදිංචි කරන්න ඕන හින්දා ගෙවල් ගන්නවා කියලා. බැරිම තැන කිව්වා ඡන්දේ ගන්න ඕනේ හින්දා ගෙවල් හදලා දෙනවයි කියලා. අපි විශ්වාස කරනවා පිරිසක්, කණ්ඩායමක්, කොට්ඨාශයක් ඉලක්ක කරගෙන තීන්දු තීරණ ගන්න හොඳ නෑ. ඒ හින්දා අපි හැමදාම දේශපාලනික වශයෙන් වාසි උනත් අවාසි උනත්. අපි අති දැවැන්ත සංවර්ධනයක් මේ රටේ හැම ග්‍රාමසේව වසමකටම, ආයෝජනය කළා.

නාමල් රාජපක්ෂ දැක්වූ අදහස්…

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>