“අන්ධකාරය පලවා හරින රිදී රේඛාවන් සොයා තිර අදිටනින් නව වසරේ පෙරට ගමන් කරමු” යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

“ජයග්‍රහණයේ යශෝරාවය නැගෙන තුරු, ගිරිදුර්ඝය තරණය කරමු” යැයි 2026 වසර වෙනුවෙන් සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කරමින් විපක්ෂ නායකවරයා සඳහන් කර තිබෙනවා.

සාමූහික ප්‍රයත්නයෙන් යුතුව විජයග්‍රහණය වෙනුවෙන් මව්බිම ඔසවා තැබීමට කටයුතු කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වැඩිදුරටත් සඳහන් කර සිටියා.