පසුගිය වසර දෙක තුළ නීතියේ ආධිපත්‍ය තහවුරු කිරීම සඳහා පාර්ලිමේන්තුව මගින් වැදගත් නීති රැසක් සම්මත කර ඇති බව අමාත්‍ය සුනිල් රණසිංහ මහතා ප්‍රකාශ කරන ලදී.

ඔහු සඳහන් කරන ලද්දේ අධිකරණ පද්ධතිය කාර්යක්ෂම කිරීම සඳහා නව අධිකරණ ස්ථාපනය, නව විනිසුරුවරුන් පත් කිරීම සහ අධිකරණ පහසුකම් වැඩිදියුණු කිරීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කර ඇති බවය.

අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කරන ලද්දේ වංචා, දූෂණ සහ අපරාධ මර්දනය කිරීම සඳහා පුළුල් ක්‍රියාමාර්ග රැසක් ආරම්භ කර ඇති අතර, රාජ්‍ය සේවයේ නිලධාරීන් අල්ලස් හා දූෂණ ක්‍රියාවලින් වළක්වා ගැනීමටත්, නීතිය කඩකරන පුද්ගලයන්ට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගැනීමටත් අවශ්‍ය නීති සම්මත කර ඇති බවය.

තවද පාතාල ක්‍රියාකාරකම්, මත්ද්‍රව්‍ය ජාවාරම් සහ අනෙකුත් සංවිධානාත්මක අපරාධ මැඩපැවැත්වීම සඳහාද රජය පුළුල් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරමින් සිටින බව සඳහන් කළ අමාත්‍යවරයා, එම වැඩසටහන් සඳහා ජනතාවගේ ඉහළ සහයෝගය ලැබෙමින් පවතින බවද වැඩිදුරටත් සඳහන් කළේය.

සම්පූර්ණ ප්‍රකාශය අපගේ ‘Webnews’ Youtube නාලිකාව හරහා නරඹන්න. >>>>>>>>>>>