පා. ම. නාලක ගොඩහේවා

කැබිනට් පත්‍රිකාවේ තියෙනවා ඩොලර් මිලියන දෙසීයක ආයෝජනයක් ගැන. නමුත් අවසානෙදි අත්සන් කරපු ගිවිසුමේ ඒ ඩොලර් මිලියන දෙසීය ගැන කිසිම කතාවක් නැහැ. කැබිනට් මණ්ඩලය, රජයේ ඇමතිවරු සහ මේ මුළු රටම කතා කරන්නේ, මේ ජාත්‍යන්තරව වීසා නිකුත් කරන ආයතනයක් වන පී.එස්.එෆ්. කියන ආයතනය විසින් මේක කරන්නේ කියලා. නමුත් ගිවිසුම අත්සන් කරලා තියෙන්නේ අයි.වී.එස්.ජී.පී.එස්. කියලා වෙනත් ආයතනයක් සමඟ. ඒ සම්බන්දව ආචාර්ය හර්ෂ ද සිල්වා මහත්මයා සභාපතිත්වය දරණ මුදල් කමිටුව විසින් යම් කිසි විමර්ශනයක් ආරම්භ කරා.

එම විමර්ශනය සම්බන්දයෙන් ආචාර්ය හර්ෂ ද සිල්වා මහත්මයාට විශාල වශයෙන් බලපෑම් එල්ල වෙන්නට පටන් අරන් තිබෙනවා. කොතරම් දුරට බලපෑම් එල්ල වෙනවද කියනවා නං, එතුමාට මරණීය තර්ජන පවා එල්ල වෙලා තියෙනවා. මේ මහා විශාල ගනුදෙනුවේ යම්කිසි වරදක් සිද්ධ වෙලා නැත්නම් ඇයි මේ ආකාරයට ආචාර්ය හර්ෂ ද සිල්වා මහත්මයාට බලපෑම් කරන්නේ, ඔහුට තර්ජනය කරන්නේ, ඔහුගේ ජීවිතය ගැන පවා බිය ඇතිවන තත්වයක් උදාවෙලා තියෙන්නේ?

පා. ම. නාලක ගොඩහේවා මාධ්‍ය හමුවකදී දැක්වූ අදහස්

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>