මධුශාන් චන්ද්‍රජිත්

මේ වෙද්දි රනිල් වික්‍රමසිංහ NSBM එකට වෛද්‍ය පීඨයක් විවෘත කරන්න කැබිනට් අනුමැතිය දීලා තියෙන්නේ. මේ කැබිනට් අනුමැතියත් එක්ක මුදලට වෛද්‍ය උපාධිය ලබා ගන්න පුළුවන්.

ඒ වගේම කොතලාවල ආරක්ෂක විශ්ව විද්යාලයටත් මුදලට වෛද්‍ය උපාධිය ලබා දෙන්න පුළුවන් විදිහට එහි අවස්ථා පුළුල් කරනවයි කියලා සඳහන් කරා. එතකොට මේ කරන්න හදන්නේ පැහැදිලිවම රනිල් වික්‍රමසිංහලා අධ්‍යාපනය වෙළඳ භාණ්ඩයක් කරන එක.

මේක අතිශය තීරණාත්මක මොහොතක්. රනිල් වික්‍රමසිංහලා මේ අරගෙන යන අධ්‍යාපනය පෞද්ගලීකරණය කිරීමේ වැඩපිළිවෙලට විරුද්ධව ශිෂ්‍ය ව්‍යාපාරය කොන්දේසි විරහිතව සටන් කරනවා.

වෛද්‍ය උපාධි පුද්ගලීකරණය කිරීම සම්බන්ධයෙන් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය අදහස් දක්වයි…

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>