‘රටම එකට’ ජාතික මෙහෙයුම යටතේ, පොලිසිය විසින් ඊයේ (11) දිනයේ මත්ද්‍රව්‍ය වැටලීම් 963 ක් සිදු කර ඇති අතර එම වැටලීම්වලදී සැකකරුවන් 956 ක් අත්අඩංගුවටද, 06 දෙනෙක් පුනරුත්ථාපනයටද යොමු කළ බව පොලීසිය ප්‍රකාශ කර සිටියා.
හෙරොයින් මත්ද්‍රව්‍ය සොයා සිදු කළ වැටලීම් 264 කින් හෙරොයින් ග්‍රෑම් 486 ක්ද, අයිස් මත්ද්‍රව්‍ය සොයා සිදු කළ වැටලීම් 397 ක් අතරින් අයිස් ග්‍රෑම් 544 ක්ද සොයාගෙන ඇත.
මීට අමතරව, වැටලීම් 245 කින් ගංජා කිලෝ 10 යි ග්‍රෑම් 083 ක් හා ගංජා පැළ 15,511 ක්ද සොයාගෙන ඇත.




