පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර

රට ආර්ථික වශයෙන් බංකොලොත් තැනකට පත්වෙලා තියෙනවයි කියපු අවස්ථාවේ, දේශීය විදේශීය ණය බරිතතාවය ඩොලර් බිලියන අසූ තුනක්. රජය ප්‍රකාශ කලා රට කිසියම් විදිහකට ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියකට පිවිසෙන බව. දෙදහස් විසිතුනේ මාර්තු විසිවෙනිදා ඉඳලා දෙදහස් විසි හතරේ මාර්තු වෙනකොට අපි ලබා ගත්ත ණය බරිතතාවය නැවත සංසන්දනය කරලා බලනකොට රජය ප්‍රකාශ කරනවා රටේ ණය බරිතතාවය ඩොලර් බිලියන වලින් සීයයි දශම එකයි අටයි හතරයි කියලා.

දෙදාස් විසිතුනේ තිබුනේ ඩොලර් බිලියන අසූ තුනක්. ලෝකයේ තුන්වෙනියට චීනයට වැදගත් වන ණය වෙළදපොල ශ්‍රී ලංකාව බවට පරිවර්තනය වෙද්දී, පහුගිය අවුරුද්දක වගේ කාල සීමාවක් ඇතුලේ අපේ රටේ ණය බරිතතාවය ඩොලර් බිලියන දාහතකින් ඉහල ගිහිල්ලා. අපේ රටේ විදේශ සම්පත් ප්‍රමාණය ඩොලර් බිලියන පහට ඇවිල්ලා තියෙනවා. රටේ ආර්ථිකය, සමෘද්ධිය කරා ළඟා වෙමින් පවතිනවා කියලා කොණ්ඩේ බැඳපු චීන්නුන්ට කියන්න.එහි ඩොලර් බිලියන එකයි දශම හයකට ආසන්න චීන යුවාන් වලින් ලැබුණු සල්ලි සම්පත් ප්‍රමාණයක් තමයි තියෙන්නේ. ඒක අපිට වියදම් පුළුවන් කමකුත් නෑ, සීයට හයක හතක පොලියකුත් ගෙවනවා මාස තුනෙන් තුනට.

ආණ්ඩුවේ වියදම් පියවා ගැනීමට මුදල් අච්චු නොගැසුවාට විදේශ වත්කම් වල වැඩි වෙලා තිබෙන ප්‍රමාණයේ කොටසක් තිබෙනවා විදේශ ප්‍රේෂණ වලින්. ඒ ප්‍රමාණය ආයෝජනය කරලා වත්කම් ජනනය කිරීමට වැඩසටහනක් ආරම්භ කරන්න.

පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපාබණ්ඩාර පාර්ලිමේන්තු සැසිවාරයේදී දැක්වූ අදහස්,

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>