දේශබන්දු තෙන්නකෝන් – වැඩ බලන පොලිස්පති

මාධ්‍ය වෙත අදහස් දක්වමින් වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසා සිටියේ තමා ජීවත් වන ප්‍රදේශයේ පොලිසියෙන්ම දඩ පත්‍රිකාව රැගෙන ළඟම තිබෙන තැපැල් කාර්යාලට ගොස් ගෙවා අවසන් කල රියදුරු බලපත්‍රය එදිනම නිදහස් කර ගැනීමේ හැකියාවක් තිබෙන බවත්. ඉතාම නුදුරේදීම online ක්‍රමවේදය ඔස්සේ තමන්ගේ ස්ථානයේ දඩ මුදල් ගෙවීමේ පහසුකම ශ්‍රී ලංකාවේ මහජනතාවට ලබා දෙන බවත් ඒ සම්බන්ධව සාකච්ඡාවන් අවසන් අදිරයට පැමිණ ඇති බවත් එසේම නොබෝ දිනයකින් කොහේ හෝ ගොසින් රථවාහන වරදකට හසු වූවොත් එම ස්ථානයේ සිටින පොලිස් නිලධාරියාගේ ළඟ තිබෙන උපකරණයක් මාර්ගයෙන්ම ඒ මුදල ගෙවීමට එසේ නැත්නම් තමාගේ ජංගම දුරකථනය ඔස්සේ දඩ මුදල් ගෙවීමේ හැකියාවක් තිබෙන බවත්. මෙම අපහසුතාවයන් වලින් මහජනතාව මුදාගැනීමට මෙම ව්‍යාපෘතිය දියත් කිරීමට සියලු දේවල් සැලසුම් කර තිබෙන බවයි. එසේම අපරාධ වැළැක්වීම සඳහා සහාය ලබා ගැනීමට පුද්ගලික ආයතනවල සවි කර තිබෙන CCTV කැමරා ඔවුන්ගේ කැමැත්ත මත පොලිස් ස්ථානයේ CCTV කැමරා පද්ධතියට ඔවුන්ගේ CCTV කැමරා සම්බන්ධ කර කොළඹ නගරයේ සහ කොළඹ නගරය ආසන්න ප්‍රදේශවල අපරාධ හා ජාතික ආරක්‍ෂාවට සම්බන්ධව ඔවුන්ගේ දායකත්වය ලබා ගැනීමේ ව්‍යාපෘතියක් ලඟදිම ආරම්භ කරන බවයි.

වීඩියෝව නැරඹීම සඳහා >>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>