පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක

ජනාධිපතිතුමා ගිය අවුරුද්දේ මාර්තු මාසේ තිබිච්ච පළාත් පාලන ඡන්දය මගහැරියා. මුලින්ම කිව්වා සල්ලි නෑ ඡන්දෙ තියන්න. දෙවනුව කිව්වා රටේ ආර්ථික ප්‍රශ්නය විසඳීම තමයි මගේ පළමු ප්‍රමුඛත්වය කියලා. දැන් මොකද කියන්නේ? ජනාධිපතිවරණය නිසි කාලෙදි පවත්වනවා. හැබැයි ජූනි මාසේ වෙනකොට විදේශීය ණය සියල්ල ප්‍රතිව්‍යුහගත කරලා රටට ස්ථාවරත්වයකට ගේනවා කියනවා.

බැසිල් මහත්තයා දන්නවා ඊළඟ ජනාධිපතිවරනෙට පොහොට්ටුවෙන් ඉදිරිපත් කරන්න කෙනෙක් නෑ. ඉදිරිපත් කළත්, සීයට දහයක ඡන්දයක්වත් ගන්න බෑ කියලා. ඊළඟ ඡන්දේ රාජපක්ෂලා ද නැද්ද කියලාවත් තීරණය කරන්න තරඟයක් නෙවෙයි. රාජපක්ෂලා නොවන ඕන කෙනෙකුට ඡන්දේ දෙන ඡන්දයක්.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>