ජනාධිපතිතුමා විචක්ෂණශීලව ආර්ථිකය කළමනාකරණය කරන බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා.

මේවා පිළිබද කිසිම ප්‍රබුද්ධ සාකච්ඡාවක් නොවීම ජාතියේ අවාසනාවක් බව අමාත්‍යවරයා සදහන් කරනවා. රටේ ජනතාවට බදු සහන පැකේජ,ණය සහන පැකේජ,පොළී සහන පැකේජ ලබා දී අතර ඉදිරියේදි ආයෝජන ප්‍රවර්ධන බදු විමුක්ති පැකේජයක් ලබා දෙන බවත් මේ වැටිලා තිබෙන රට ගොඩ ගැනීමට ස්වජාතිකයන් විසින් දේශීය හා විදේශීය වශයෙන් රැස් කරගෙන දේශීය ආදායම් වලට හෙළිදරව් නොකර තිබෙන මුදල් සියල්ල යම් නිශ්චිත ව්‍යාපෘති වල ආයෝජන කරන්න පුළුවන් 1%ක වැනි ඉතාම කුඩා බදු ප්‍රමාණයක් ගෙවනවා.එතැන් පටන් අලුතින් බදු ලිපි ගොනුවක් අරම්භ වන බව ඔහු සදහන් කරනවා.

ඔබේ ස්වජාතිකයන් විදේශ විනිමයෙන් මුදලක් රදවා ගෙන තිබේ නම් දේශීය වශයෙන් රදවාගෙන තිබෙනම් ආදායම් දෙපාර්තමේන්තුවට හෙළිදරව් කරලා නොමැතිනම් ඒ සියල්ල හෙළිදරව් කරලා 1%ක බද්දක් ගෙවීමෙන් ආයෝජන විශාල වශයෙන් වර්ධනය කරන්න පුළුවන් අයෝජන ප්‍රවර්ධන බදු විමුක්ති පැකේජයක් හදුන්වා දෙන බව වැඩි දුරටත් අදහස් දැක් වූ අමාත්‍ය බන්දුල ගුණවර්ධන සදහන් කරනවා.