පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ ඇප මත මුදා හැරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.
රුපියල් කෝටි දහයක් පමණ වටිනා සුඛෝපභෝගී මෝටර් රථයක් නීති විරෝධීව එකලස් කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වී තිබෙන අතර මීට අදාලව අද දිනයේ ඔහු අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත්, වෛද්‍ය ප්‍රතිකාර සඳහා විදෙස්ගත වූ බව තහවුරු කිරීම සඳහා වෛද්‍ය වාර්තා ඉදිරිපත් කරන ලෙසත්, කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර විසින් පසුගියදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබුණා.
