වර්ථමාන තෙල් පිරිපහදු ධාරිතාව මෙන් දෙගුණයකින් යුතු නව පිරිපහදුවක් සපුගස්කන්ද ප්‍රදේශයේ ඉදිකිරීම සදහා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් අභිලාශ කැදවනු ලැබුවා. අද දිනදී එහි එක් පියවරක් වශයෙන් ආයෝජක හමුවක් සූදානම් කොට තිබුණි. මෙහිදී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තම ව්‍යාපෘතියේ අරමුණු ආයෝජකයන් හට පැහැදිලි කරනු ලැබුවා. මේ සදහා ඉතා විශාල විදේශ ආයෝජකයන් ප්‍රමණයක් හා ඔවුන්ගේ දේශීය නියෝජිතයන් සහභාගී වී සිටීම සුවිශේෂී කාරණයක් වුනා.