අල්ලස් කොමිසම විසින් දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් තමන්ව අත්අඩංගුවට ගැනීමට පෙර අපේක්ෂිත ඇපයක් මත මුදාහරින ලෙස ඉල්ලා තමන් ඉදිරිපත් කළ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය දුන් තීන්දුව ප්‍රතිශෝධනය කර තමන්ව අපේක්ෂිත ඇප මත මුදාහරින ලෙස ඉල්ලා , හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න විසින් ඉදිරිපත් කළ පෙත්සම සලකා බැලීම සඳහා සැප්තැම්බර් මස 01 වැනිදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කළා.

ඒ අනුව පෙත්සම යළි සැප්තැම්බර් මස 01 වැනිදා කැඳවීමට නියම කළ විනිසුරු වරිය එදිනට පෙර වග උත්තරකාර අල්ලස් කොමිසම වෙත නොතීසි යැවීමට කටයුතු කරන ලෙසත් දැනුම් දුන්නා.