ජනාධිපති පොදු සමාවට මුවාවී සිරකරුවෙකු නිදහස් කිරීමට ආධාර කළ බවට සැකපිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටි බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දෙණිය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඇප මත මුදා හැරීමට නියෝග කර ඇත.

එහිදී රු. 25,000ක මුදල් ඇපයක් සහ රු. මිලියන 2 බැගින් ශරීර ඇප 2ක් නියම කර ඇති අතර, සැකකරුට දිවයිනේ බන්ධනාගාරවලට පිවිසීම සහ විදේශ ගමන් තහනම් කර ඇති අතර, විදේශ ගමන් බලපත්‍රයද අධිකරණයට භාරදිය යුතුය.