මුදල් විශුද්ධිකරණය ඇතුළු නවීන ස්වරූපයන්ගෙන් ක්‍රියාත්මක වන පාතාල ක්‍රියාකාරකම් මැඩලීම සඳහා ශක්තිමත්ව කටයුතු කිරීමට ආනන්ද විජේපාල හැකි වී ඇති බවත්, දේශපාලන රැකවරණය අහෝසි කරමින් එම අපරාධ සංස්කෘතිය වෙනස් කිරීමට කටයුතු කරමින් සිටින බවත් අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර අද (28) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා පෙන්වා දුන්නේ, පාතාලය යනු පෙර මෙන් පච්ච කොටා සරම හැඳ සිටින පිරිසක් පමණක් නොවන බවය. ඇඳුම් පැළඳුම්වලින් මෙන්ම ඇතැම් විට ඉංග්‍රීසි භාෂාවෙන් කතා කරමින් හා හොඳ පාසල්වලට ගිය, මුදල් විශුද්ධිකරණයේ යෙදෙන වඩාත් සූක්ෂ්ම පිරිසක් බවට එය පත්ව ඇති බවත්, එවැනි පාර්ශ්ව මෙහෙයවීමට හැකි වන පරිදි ශක්තිමත්ව කටයුතු කිරීමට ආනන්ද විජේපාල මහතාට හැකියාව ලැබී ඇති බවත් ඔහු සඳහන් කළේය.
තවමත් අපරාධ සිදු වන්නේ මන්දැයි ඇතැම් පාර්ශ්ව විමසන බව සඳහන් කළ හර්ෂණ නානායක්කාර මහතා, අපරාධ සිදු වන බව පිළිගන්නා අතරම එම සංස්කෘතිය වෙනස් කිරීම අත්‍යවශ්‍ය බව අවධාරණය කළේය. දේශපාලනඥයන්ගේ රැකවරණය තවදුරටත් නොලැබෙන බැවින් එම තත්ත්වය වෙනස් වෙමින් පවතින බවද අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.
