මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා හට භාරදෙනු ලැබුවේ හිස් භාණ්ඩාගාරයක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පසුපෙළ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර පවසයි.

එබැවින් ජනතාවට සහන දීමට ඔහුට යම් කාලයක් ගතවනු ඇති බවයි මන්ත්‍රීවරයා පවසන්නේ.

ඔහු මේ බව පැවසුවේ ඊයේ (14) දින මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

එමෙන්ම බැසිල් රාජපක්ෂ මහතා මුදල් අමාත්‍ය ධුරයට පත්වූ සැණින් ඉන්ධන මිල අඩුකරනු ඇතැයි තමන් නොකී බවත් හිස් භාණ්ඩාගාරයක් සමඟ බැසිල් රාජපක්ෂ මහතාට ප්‍රාතිහාර්යය පෑමට නොහැකි බවත් මන්ත්‍රීවරයා පවසනවා.

69 ලක්ෂයක ජනවරමක් ලබාගත් රජය ජනතාවට සහන දීම ප්‍රමුඛ කාර්‍ය කොට සලකන නමුත් ජනතාවට සහන ලබාදෙන අතරතුර බිලියන ගණනක ණය ගෙවීමට ඇති නිසා සියළුදේ කළමනාකරණය කිරීමට ඔහුට යම් කාලයක් ගතවනු ඇති බව‍යි ජගත් කුමාර මහතා පවසන්නේ.